Sunday, February 27, 2011

රාළ මොහොමඩ් ගැන සතුටු විම , රාළ සහ සිද්දික් ගෙ වෙස්මුහුණු ඉරියාම

රාළ ගෙ අලුත්ම පොස්ට් එක බැලුවා .රාළ ආයිත් විවෙචනය පටන්ගන්නෙ මුස්ලිමුන්ට පහරග් ගැසිමෙන්. එකත් එක්කම  රාළ කියනවා


කට්ටිය මේක තහනම් කරන්න කිය කිය කෑ ගහනව. ඒ වගේම සිද්දීක්ට බැණ බැණ පිළිතුරු දානවා ඒ බ්ලොග් එකේ. හැබැයි රාළ නම් මේ බ්ලොග් එක ගැන හිතන්නේ වෙනත් විදියකට. මෙච්චර කාලයක් රාළ විසින් මතු කල විසංවාද වලට පිළිතුරු දීපු “මධ්‍යස්ථ” මතධාරී මුස්ලිම් වරුන් උත්සාහ කලේ කුරාණයේ ඇති කරුණු සඟවන්න. ඒ ගැන රටේ නැති දේ කිය කිය – උදාහරණ විදියට හැඩිත් ඔතෙන්ටික් නැති බව කීම මෙන් – මුහම්මද්ව රැක ගැනීමට උත්සාහ කළා. නමුත් මේ “මධ්‍යස්ථ” මුස්ලිම් මතධාරීන් ගේ හෙළුව මොනවට හෙළි කරමින්, රාළ විසින් හෙළි කළ ඉස්ලාමයේ සැඟවුණු අහු මුළු ඇත්තටම තියෙන බව පෙන්නලා දෙන්න මොහොමඩ් අපිට උපකාරී වෙනවා.
අපි කලින් කිව්වා වගෙ රාළ සිංහලයෙකු වගෙ හඟවල ජාති භෙද  වාදය පතුරන කෙනෙක් මෙයාගෙ උදව්වට අනිත්  පැත්තෙන් කෙනෙක් ඔන වුනා. දැන් ඒ වැඩෙ හොඳට කරනවා සිද්දික් ගොයියා. රාළ මෙ සිද්දික් ගොයියාගෙ වැඩෙට හරි කැමතියි. කලින් කිව්වා වගෙ රාළ මෙ සිද්දික් ගොයියාගෙ සයිට් එක සිත් ගත් අඩවි ලයිස්තුවට දාලා තිබ්බා. අපි රාළගෙ ඔය වැඩේ පෙන්නුවාම  රාළ  හිමින් සැරෙ සිත් ගත් ලැයිස්තුවෙන් සිද්දික්ගෙ සයිට් එක අරන් දැම්ම. මෙ ඔක්කොම බලද්දි අපිට පෙන  දෙයක් තමයි රාළ සිද්දික්ගෙ බ්ලොග් එක අගෙ කරන බව. ඔන්න වපුරන්න හදන ජාති භෙද වාද අන්ත දෙකේ අන්තර් සම්බන්ධය.

 ඒ හින්දා රාළ සිය පාඨක ජනතාවගෙන් සහ බෞද්ධයන්ගෙන් ඉල්ලා හිටින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවතින්න දෙන්න. ඔහු සිංහලයන්ට හා බුද්ධාගමට හෝ වෙනත් ආගමකට අපහාස කරනවා නම් විතරක් එය තහනම් කරන්න අපි උත්සාහ කරමු. 
මෙතනත් අපිට පොඩි දෙයක් තෙරුම් ගන්න පුළුවන් .
රාළට ආගමක් නැහැයි කියලා එයාම කියනවා. තව තැනක මට මතකයි රාළ බුද්ධ දර්ශනයෙ තියෙන සමහර දෙවලුත් එයා විවෙචනය කරනවාලු. එහින්දා ගොඩක් වෙලාවට රාළට බුද්ධ දර්ශනය විවෙචනය  වෙනකොට අවුලක් නැහැ. වෙනත් ආගමකට  කියන්නෙ මොකද්ද ? මෙයා හිතන ඒ වෙනත් ආගම මොකද්ද  ? නිර් ආගමික  සිංහලයෙක් වගෙ හඟවන මෙයාට තියන වෙනත්  ආගම මොකද්ද ? ඒක ලොකු ප්‍රශ්නයක්.

(උත්තරෙ ඔගොල්ලො හිතාගන්න)

9 comments:

  1. මහත්මයා ශිෂ්ට ලෙස හැසිරෙන්න . මෙතන ඔයාගෙ ගතිය පෙන්නන එපා. විවෙචනය ශිෂ්ට සම්පන්නව කරන්න

    ReplyDelete
  2. උන්නැහේ, ඔය රෙදි කෑල්ලෙන් පිහිදා ගන්න. හීනෙ ඉවරයි.

    ReplyDelete
  3. මම දැකල තියනවා පද්දත් ඔය රාලගේ එකට ලියල තියනවා. පද්දයි රාලයි සමහර විට එක්කනෙක් වෙන්නත් ඉඩ තියනවා. කොහොම උනත් මේකෙ අරමුණ ගැටුම් ඇති කිරීම නෙමෙයි. කැපී පෙනීම. මම නම් හිතන්නේ බෞද්ධ අන්තවාදී කිහිපදෙනෙකුගෙ වැඩක් මේක.

    ReplyDelete
  4. බුහාහාහා මෙයා හරි වැඩකාරයෙක්නේ. ඒ කියන්නේ මොහොමඩ් සහ රාළ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මල හුට්ටප්පරයක් වෙන්නෙ ඕං.

    ReplyDelete
  5. නොදන්න කමට අහන්නෙ කොතනද අපි රාළ සහ සිද්දික් එක්කෙනෙක් කියලා කිව්වෙ.

    ReplyDelete
  6. "බෞද්ධ අන්තවාදී කිහිපදෙනෙකුගෙ වැඩක් මේක. "

    මුව හමටම තඩි බාපං පුතේ!

    ReplyDelete
  7. අල්ලාහ් ශ්‍රේෂ්ඨයි

    ReplyDelete