ඔබට පේන පළමුවෙනි දේ තමයි දිග යටි රැවුල. හිතන්න බලන්න මේ රැවුල කොහොමද අර මුහුණු ආවරණය අස්සට දාන්නේ? රැවුල දිග ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යකර්මය කරද්දී ඔහුගේ රැවුල විවෘත කරපු ඉන්ද්‍රියන්ගේ ගෑවිලා, රැවුලේ තුබූ හානිකර විෂබීජ ඉන්ද්‍රියයන්ට ඇතුල් වෙන්න පුළුවන්. මේ නිසා තමයි ශල්‍යාගාර වලට ඇතුළු වන වෛද්‍යවරු සහ හෙද නිලධාරීන් රැවුල කොටට කපා තිබිය යුතු බවට ඉස්සර ඉඳන් නීතියක් තිබුණේ. නමුත් මුස්ලිම් අයට මෙ රැවුල කපන්න තහනම්! ඒ මදිවට ඔවුන් ඒ අයිතිය ඉල්ලලා රෝගීන් බිල්ලට දීලා උසාවි යන්නත් ඉඩ තියෙනවා. මේක ඔබට හිතන්න කාලයයි. රැවුල දිග මුස්ලිම් වෛද්‍යවරයෙක් ලවා ඔබේ සැත්කම කරවා ගෙන ඔබේ තුවාල වලට විෂබීජ ඇතුල් කර ගැනීමට ඔබ සූදානම්ද?
රාළ කියනවා නිතියක් තියනවාලු ඔපරේශන් තියටර් එකට යනකොට රැවුල කපන්න ඕනෙ කියලා. ඔහොම නිතියක් තියනවද නැද්ද කියලා අපි දන්නෙ නැ. තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්. එත් රාළබොරු කාරයෙක් කියලා ඔප්පු වෙන පොස්ට් එකක් රාළ ලඟදි දැම්මා. ස්ත්‍රී චර්ම ඡේදනය පොස්ට් එකෙදි මෙහෙම කියනවා රාළ.
මේ අයගේ අවාසනාවට එහෙම නැත්නම් දැරියගේ වාසනාවට මේ අය ඇවිත් තියෙන්නේ ඉතාම තදින් කේන්ති යන ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ළඟට. (මේ ලොකු දොස්තර මහත්තයා රැවුල වවලා ඉන්න නිසා එයා මුස්ලිම් කියල හිතුවද දන්නෙත් නෑ!). කොහොම හරි අසූ හාරදාහට මළ පැනපු මහාචාර්යතුමා හම්බයන් යුවළ බෙල්ලෙන් අල්ලා එළියට දැම්මලු
රාළ මෙතන කියන එක බලන කොට අපිට කරනා දෙකක් තෙරුම් ගන්න පුලුවන්.
1 . ඔය කියන දොස්තර මහත්තයා ඔපෙරෙෂන් තියටර් එකට යන එන ඔපරෙෂන් කරන කෙනෙක්.
2. දොස්තර මහත්තයාව දකින පලවෙනි වෙලාවෙදි කෙනෙකුට දොස්තර මහත්තයා මුස්ලිමෙකු වගෙ හිතන්න පුලුවන් තරමෙ රැවුලක් වවලා තියන එක
අර නිතිය තියනවානම් ඔය උසස් තනතුරක් දරන කෙනෙක් රැවුල වවයිද ?
අපිට තෙරෙන විදියට රාළට කියපු බොරුව මතක නැහැ. නැත්නම් රාළ කියන විදියට දොස්තර මහත්තයෙක් ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ඒ කියන්නෙ මුල් පොස්ට් එකේදි රැවුල ගැන තියන නිතිය බොරුවක් .නැත්නම් රාළගෙ මනෝලොකයෙ ජිවත් වෙන දොස්තර සම්බන්ද කරලා කියපු ස්ත්‍රි චර්ම ඡෙදන නාඩගම බොරුවක්. මේකෙන් පෙන්නේ අපි කලින් කියපු රාළගේ හෙලුව තමයි. මෙයා සිංහලයට ආදරය කරන කෙනෙක් වගෙ පෙන්න ගෙන කරන්නෙ මුස්ලිමුන්ට මඩ ගැසිම